news hunting

චීන මහා ප්‍රාකාරය

                                 චීන මහා ප්‍රාකාරය 


චීන මහා ප්‍රාකාරය (මේ සඳහා යෙදෙන චීන නම් මගින් දිගු ප්‍රාකාරය හෝ ලී දස දහසේ (10000) ප්‍රාකාරය යන අරුත් ගෙන දේ). යනු චීනයේ උතුරු මායිම් ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රි.පූ 6 වැනි ශත වර්ෂය සහ ක්‍රි.ව 16 වැනි ශතවර්ෂය අතර කාලය තුළ අනුක්‍රමික චීන රාජ වංශයන් මගින් පාෂාණ සහ පස් භාවිතයෙන් නිර්මාණය කොට පවත්වාගෙන යන ලද ආරක්ෂිත ප්‍රාකාරකයකි. පස්වැනි සියවසේ පටන් චීන මහා ප්‍රාකාරය ලෙස හැඳින්වෙන ප්‍රාකාර කිහිපයක් නිර්මාණය කරන ලදී. මේ අතරින් වඩාත් ප්‍රසිද්ධ ප්‍රාකාරය ඉදි කරන ලද්දේ පළමු වැනි චීන අධිරාජ්‍යයා වූ ක්වින් ෂි හුවාන් විසිනි.


 මෙහි වැඩ කටයුතු ක්‍රි.පූ 200 සහ 220 අතර කාලය තුළ සිදු වූ අතර එය වර්තමානයේ දැක ගත හැකි මින්ග් රාජ සමය තුළ ඉදිකෙරුණු ප්‍රාකාරයට උතුරු දෙසින් නිර්මාණය කෙරුණකි. කෙසේ නමුත් මේවන විට ඉන් ඉතිරිව ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි.
චීන මහා ප්‍රාකාරය දළ වශයෙන් කි.මී . 6400 ක (සැතපුම් 4000 ) පමණ දිගකින් යුක්ත වන අතර එය නැගෙනහිර ෂැංහයි ගුවාන් සිට බටහිර ලොප්නූර් දක්වා විහිදේ. මෙහි දළ හැඩය ආරුක්කු ස්වරූපයක් ගන්නා අතර එය දළ වශයෙන් අභ්‍යන්තර මොංගෝලියාවේ දකුණු මායිම නිරූපණය කරයි. කෙසේ නමුත් ප්‍රාකාරයේ සමස්ත දිග ප්‍රමාණය කි.මී. 6700 (සැතපුම් 4160 ) කට අධික වේ. ප්‍රාකාරයේ උච්චතම සමයේදී එය ආරක්ෂා කිරීම සඳහා මිලියනයකට අධික පිරිසක් යොදවා තිබුණි. තවද, ශත වර්ෂ ගණනාවක් ඔස්සේ ක්‍රියාත්මක වුණු ප්‍රාකාරය නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය අතුරුඵලයක් ලෙස චීන ජාතිකයින් මිලියන 2 ත් 3 ත් අතර සංඛ්‍යාවක් මිය ගිය බව ඇස්තමේන්තු කර ඇත.

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

news hunting

About news hunting -

Author Description here.. Nulla sagittis convallis. Curabitur consequat. Quisque metus enim, venenatis fermentum, mollis in, porta et, nibh. Duis vulputate elit in elit. Mauris dictum libero id justo.

Subscribe to this Blog via Email :