ඊශ්‍රායෙල - පලස්තීන ඉතිහාසය
ඊශ්‍රායෙල - පලස්තීන ගැටුම යනු ඊශ්‍රායෙලය හා පලස්තීන රාජ්‍යයන් අතර දිගු කලක පටන් අඛණ්ඩ පැවත එන ආරවුලකි. එය පැතුරුණු අරාබි-ඊශ්‍රායෙල අර්බුදයේ කොටසක්ද වේ. ප්‍රධාන වශයෙන්ම මෙම අර්බුදයට හේතුව වී තිබෙන්නේ එකම ප්‍රදේශයක අයිතිය පිළිබඳව දෙරට අතර ඇතිව තිබෙන මතභේදයයි. ඊට"ද්වි-රාජ්‍යය විසඳීමක්" ඇතිකර ගැනීමට නොයෙක්වර උත්සාහගෙන ඇත. එනමුත් "ද්වි-රාජ්‍යය විසඳීමක් මඟින් සටන් ඇතිවී ඇති භූමියේ නිදහස් ඊශ්‍රායෙල ජනපදයක් හා පලස්තීන ජනපදයක් ඇතිකෙරේ.
අද වන විට එවැනි විසදුමකට බොහෝ පලස්තීනුවන් හා ඊශ්‍රායෙල ජාතිකයන් එකඟ වී තිබෙන අතර ගාසා තීරයේ හා බටහිර ඉවුරේ අයිතිය පිළිබඳව ඇති ගැටළුව විසඳා ගැනීමට තිබෙන හොඳම විසඳුමද "ද්වි-රාජ්‍යය විසඳීම" බව ඔවුන් පවසයි.බොහෝ ඊශ්‍රායෙල ජාතිකයන්ද පිළිගන්නා පරිදි, බොහෝ පලස්තීනුවන්ගේද අදහස ගාසා තීරය හා බටහිර ඉවුර තම රාජ්‍යයට ඈඳා ගතයුතු බවයි. උගත් සුළු පිරිසක් පමණක් ගාසා තීරය හා බටහිර ඉවුර ඊශ්‍රායෙල හා පලස්තීන ජාතිකයින්ට සම අයිතිවාසිකම් ලැබෙන "තනි රාජ්‍යය විසඳුමක්" සුදුසු යැයි යෝජනා කර තිබේ.
එනමුත් අවසාන එකඟවීම කෙසේ සිදුවිය යුතුද යන්න හා අන්‍යෝන්‍යය දායකත්වය පිළිබඳ විශ්වාසනීයත්වය පිළිබඳව තවමත් මතභේද පවතී.
අභ්‍යන්තර හා අන්තර්ජාතික බොහෝ පිරිස් මෙම අර්බුදයට සම්බන්ධ වී තිබේ. සෘජුව මැදිහත්ව ඇති කණ්ඩායම් දෙක වන්නේ, එහුද් ඔල්මට් ගේ නායකත්වයෙන් යුක්ත ඊශ්‍රායෙල රජය හා මොහොමඩ් අබ්බාස් ගේ නායකත්වයෙන් යුක්ත පලස්තීන විමුක්ති සංවිධානයයි. නීත්‍යානුකූල සාකච්ඡා හසුරුවනු ලබන්නේ මැදපෙරදිග චතුරංගිය සේනා(Quartet on the Middle East) ලෙස හඳුන්වන ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව, යුරෝපා සංවිධානය හා එක්සත් ජාතීන්ගෙන් සමන්විත බල ඇණියක් මඟිනි.
බ්‍රිතාන්‍යයේ ටෝනි බ්ලෙයාර්ද විශේෂ නියෝජිතයෙක් ලෙස පෙනී සිටියි. ඔහු විසින් විකල්ප සාම ක්‍රියාදාමයක් යෝජනා කරනු ලැබ ඇත. අරාබි ලීගයද වැදගත් මැදිහත් කරුවෙකි. අරාබි ලීගයේ ආරම්භක සාමාජිකයකු වන ඊජිප්තුවද මෙම අර්බුදයට ඓතිහාසිකව සම්බන්ධ වුනු හවුල්කරුවෙකි.
වසර 2006 සිට පලස්තීන ප්‍රදේශ ප්‍රධාන පාර්ශව දෙක අතර ඇතිවුණු සටන් නිසා බිඳී ගොස් ඇත. මෙම පාර්ශව දෙක වන්නේ ෆටාහ් (Fatah) හා හමාස් (Hamas) නම් ඉස්ලාමික සටන් කණ්ඩායම් නිසාවෙනි. මෙම හේතුව නිසා පලස්තීන ජාතික අධිකාරිය පාලනය යටතේ තිබු ප්‍රදේශය බටහිර ඉවුර ෆටාහ් සංවිධානය යටතද, ගාසා තීරය හමාස් සංවිධානය යටතටද බෙදී තිබේ. හමාස් සංවිධානය, පලස්තීන 2006 ඡන්දය ජයග්‍රහණය කලද, ඔවුන් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ඊශ්‍රායෙලය හා අනිකුත් රටවල් විසින් සලකනු ලබන නිසා මෙම බෙදීම ප්‍රශ්නකාරී තත්වයක් නිර්මාණය කර තිබේ.
එම නිසා නීත්‍යානුකූල සාකච්ඡා වලට සහභාගී වීමටද ඔවුන්ට ඉඩ දෙනු නොලැබේ.
මෑතකදී ඇතිවූ සාම සාකච්ඡා වටය 2007 නොවැම්බර් මාසයේ ඇමරිකාවේ අන්නපොලිස් (Annapolis) හීදි ආරම්භ විය. 2008 වසර අවසානය වනවිට මෙම අර්බුදය සමථයකට පත්කිරීම මෙම සාකච්ඡා වටයේදී අරමුණු කර ඇත. සාකච්ඡාවලට සම්බන්ධ පාර්ශව මඟින් අර්බුදයට සම්බන්ධ ප්‍රධාන ප්‍රශ්න 6ක් හඳුනාගෙන ඒවා "අවසාන තත්වය" විසඳීම සිදුකළ යුතු බවට එකඟ වී ඇත. හඳුනාගත් ගැටළු වන්නේ ජෙරුසලම, අනාථයන්, පදිංචිකිරීම්, ආරක්ෂාව, දේශසීමාවන් හා ජලය යන කාරණායි. සාකච්ඡා වටයේදී මෙම කාරණා පිළිබඳව ගැඹුරට සාකච්ඡා කරනු ලබයි.
ඊශ්‍රායෙල හා පලස්තීන ජන සමාජයන් තුළ මෙම අර්බුදය පිළිබඳව බොහෝ මතවාද හා අදහස් ගොඩනැගී ඇත. ("සාම ක්‍රියාදාමය පිළිබඳව වූ ඊශ්‍රායෙල - පලස්තීන මත" යන ලිපිය ද කියවා බලන්න). මෙම මතභේදයට ගොදුරුව සිටින ජනකොටස් ඊශ්‍රායෙල හා පලස්තීනුවන් ලෙස පමණක් නොව ඔවුනොවුන් අතර වෙනත් බෙදීම්ද ඇතිකර ගෙන තිබේ. මෙම අර්බුදයේ වඩා සැලකිය යුතු කරුණක් වන්නේ මේ ජන කොටස් තුළ ඇතිව තිබෙන අධික ප්‍රචණ්ඩත්වයයි. දෙරටේ හමුදා හමුදා අතර ඇතිවන සටන් මඟින්ද, නිල නොලත් සටන්කරුවන්ද, ත්‍රස්තවාදීන් විසින්ද මෙහෙයවනු ලබයි. තුවාලකරුවන් හෝ මරණයට පත්වන්නන් හමුදාවට පමණක් නොව දෙපාර්ශවයේ අහිංසක ජනතාවට අයත් වේ.