news hunting

හයිබ්‍රිඩ් කාර් බැටරිය ලංකාවට සුදුසු ද?






ටොයෝටා ප්‍රියර්ස් යනු සම්පුර්ණ දෙමුහුම් විද්‍යුත්, මධ්‍යම ප්‍රමාණ, පසු පියනකින් යුත් ( hatchback ) මෝටර් රථයකි. එය ටොයෝටා රථවාහන සමාගමේ නිෂ්පාදනයකි. කැලිෆොර්නියානු වායු සම්පත් අධිකාරිය විසින් ප්‍රියර්ස් මෝටර් රථය ඇමරිකාවේ අලෙවි වන වාහන අතර "පරිසිදුම වාහනය" ලෙස වර්ගීකරනය කර ඇත



ඉන්ධන කාර්යක්ෂමතාවය

ධාවන තත්වයඉන්ධන පරිභොජනය / ලීටරයට කිලෝමීටර්
නගරය තුල පමනක් ධාවනය20.7[1]
නගරයේ සහ අධිවේගී මාර්ග මිශ්‍ර ධාවනය20.4[1]



හොන්ඩා ඉන්සයිට් යනු දෙමුහුම් බල සැපයුමක් සහිත හොන්ඩා රථ වාහන සමාගම විසින් 2000 දී පමන හදුන්වාදෙනුලැබූ හැච්බැක් වර්ගය් මොටර් රථයකි. සංකලිත මෝටර් සහායක (Intigrated Moter Assist-IMA) විද්‍යුත් දෙමුහුම් පද්ධතිය මුලින්ම භාවිතා වු මොටර් රථය මෙයයි. ඉන්සයිට් (2000) එදා මෙදා තුර හොදම ඉන්ධන කාර්යක්ෂමතාවයක් ඇති මොටර් රථය(පොසිල ඉන්ධන මගින් ක්‍රියා කරන) ලෙස ඇමරිකානු පරිසර ආරක්ෂන ඒජන්සිය (EPA )මගින් සහතික කර ඇත.මෙම මෝටර් රථය නගරය තුල පමනක් ධාවනයේ දී පෙට්‍රල් ලීටරයට කිලෝමීටර් 22.73 සහ නගරයේ සහ අධිවේගී මාර්ග මිශ්‍ර ධාවනයෙදී පෙට්‍රල් ලීටරයට කිලෝමීටර් 25.64 ඉන්ධන පරිභොජනයක් පෙන්වයි.



ඉන්ධන කාර්යක්ෂමතාවය

ධාවන තත්වයඉන්ධන පරිභොජනය / ලීටරයට කිලෝමීටර්
නගරය තුල පමනක් ධාවනය22.73
නගරයේ සහ අධිවේගී මාර්ග මිශ්‍ර ධාවනය25.64




හොන්ඩා සිවික් හයිබ්‍රිඩ් යනු දෙමුහුම් බල සැපයුමක් සහිත හොන්ඩා රථ වාහන සමාගම විසින් 2001 දී පමන හදුන්වාදෙනුලැබූ සිඩැන් වර්ගය් මොටර් රථයකි.එය දිගටම වෙනස්වන ස්වයංක්‍රිය ප්‍රචාලන පද්ධතියකින්(CVT) හෝ මිනිස් බලයෙන් ක්‍රියාකරන වේග (ගියර්)5 කින් යුත් ප්‍රචාලන පද්ධතියකින් (2005 දක්වා)සමන්විතයි.හොන්ඩා ඉන්සයිට් දෙමුහුම් මොටර් රථයේ පරිදිම මෙහිත් සංකලිත මෝටර් සහායක (Intigrated Moter Assist-IMA) විද්‍යුත් දෙමුහුම් පද්ධතියක් භාවිතාවෙයි.

ඉන්ධන කාර්යක්ෂමතාවය

ධාවන තත්වයඉන්ධන පරිභොජනය / ලීටරයට කිලෝමීටර්
නගරය තුල පමනක් ධාවනය17.00
නගරයේ සහ අධිවේගී මාර්ග මිශ්‍ර ධාවනය19.13


හයිබ්‍රිඩ් කාර් බැටරිය ලංකාවට සුදුසු ද?


  • අපේ රටේ මාර්ග තදබදය නිසා හයිබ්‍රිඩ් වාහනවල උපරිම වාසිය අත් කර ගන්න බැහැ
  • හයිබ්‍රිඩ් බැටරිය යළි යෙදීමට අධික වියදමක්
  • මේ බැටරි අලුත්වැඩියා කිරීමේ ප්‍රමිතියක් නැහැ
  • අබලි බැටරිය පරිසරයට බැහැර කිරීමෙන් අතිප්‍රබල පරිසර විනාශයක්
හයිබ්‍රිඩ් වාහනයක් සුඛෝපභෝගී, මිලෙන් අධික වාහනයක් වුණේ මීට වසර කිහිපයකට පෙර. අද වෙන කොට මධ්‍යම පන්තියට පහසුවෙන් මිලදී ගත හැකි මිල ගණන්වල සිට අධි සුඛෝපභෝගී මිලදී ගැනීම් දක්වා හයිබ්‍රිඩ් වාහන තේරීමක් අපේ රටේ වාහන වෙළෙඳපොළේදී පහසුවෙන් කරගැනීමට හැකියාව තිබෙනවා. ඒ විතරක් නොවෙයි, මුල් අයිතිකරුවන්ගෙන් මිලදී ගැනීමට හැකි, ඒ කියන්නේ සෙකන්ඩ් හෑන්ඩ් හයිබ්‍රිඩ් මාකට් එකත් විශාල වශයෙන් වර්ධනය වෙලා තියෙනවා. හයිබ්‍රිඩ් අරගෙන අවුරුදු කිහිපයක් පාවිච්චි කළ බොහෝ දෙනා මේ වෙන කොට ඒ වාහන විකිණීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.
එක් කාලයකදී අපේ රටේ හයිබ්‍රිඩ් වාහන රැල්ලක් ඇති වුණා. අදටත් ඒ රැල්ල අවසන් වෙලා නැහැ. කොටින්ම කිව්වොත් හයිබ්‍රිඩ් වාහන මිලදී ගැනීමට විශාල ලෙස පාරිභෝගිකයන් පෙලඹවීමක් සිදු වෙලා. ඇත්තටම මේ හයිබ්‍රිඩ් රැල්ල අපේ රට ආශ්‍රිතව ස්වභාවිකව ඇති වූ රැල්ලක්ද? නැති නම් අනවශ්‍ය දෙයක් වෙළෙඳපොළට බලහත්කාරයෙන් ඇතුළත් කිරීමේ වෑයමක ප්‍රතිඵලයක්ද?
ඇත්තටම නම් හයිබ්‍රිඩ් වාහන අපේ රටට ගැළපෙන්නේ නැහැ.
ධාවන බලය දෙමුහුම් කෙරුණු, එනම් බලශක්තීන් දෙකක් මඟින් ධාවනය කරන වාහනවල අවශ්‍යතාවක් අපේ රට වැනි දේශගුණික තත්ත්වයක් සහිත, අපේ රට වැනි භූමි ප්‍රමාණයෙන් කුඩා, අපේ රට වැනි මාර්ග පහසුකම් අවම රටකට ගැළපෙන්නේ නැහැ. ඒ බව හයිබ්‍රිඩ් වාහන සම්බන්ධ විශේෂඥයකු වන ආචාර්ය නුවන් මදනායක මහතා දැන් වසර ගණනාවක සිට පෙන්වා දෙනවා.
ඒ විතරක් නොවෙයි, අපි මිලදී ගන්නේ සෙසු රටවල අවශ්‍යතාව මත නිෂ්පාදනය කෙරුණු, එහෙත් කාලානුරූපව ඔවුන්ගෙන් ප්‍රතික්ෂේප වුණු හයිබ්‍රිඩ් රථ බවත් සඳහන් කළ යුතුමයි. වඩාත් පරිසර හිතකාමී ඉලෙක්ට්‍රික් රථ භාවිතයට පැමිණීමත් සමඟ පරිසරය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවෙන් යුක්තව නිෂ්පාදනය කෙරුණු හයිබ්‍රිඩ් වෙනුවට ඉලෙක්ට්‍රික් රථ මිලදී ගැනීමට යුරෝපා රටවල් කටයුතු කළා. අපේ රටවල ජනතාව හයිබ්‍රිඩ් නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාව කුමක්දැයි නිසිආකාරව දැනුම්වත් වීමකින් තොරව ඒවා මිලදී ගැනීමටත් භාවිත කිරීමටත් කටයුතු කරමින් සිටිනවා.
වැඩි දෙනා සිතන්නේ හයිබ්‍රිඩ් මෝටර් රථ ඉන්ධන ඉතිරි කරන බවයි. ඒත් හයිබ්‍රිඩ් බැටරි වර්ග එකින් එක විමසා බලන විට පෙනී යන්නේ ඉන්ධන ඉතිරිය සඳහා දායකත්ව ලබා දෙන්නේ ඒ අතරින් වර්ග එකක් හෝ දෙකක් පමණක් වන බවයි. සෙසු බොහෝ හයිබ්‍රිඩ් රථ නිෂ්පාදනය කර ඇත්තේ නොයෙකුත් ධාවන අවස්ථා අනුව බලශක්ති දෙකක් මත රථය ධාවනය වන පරිද්දෙන්.
මේ හයිබ්‍රිඩ් රථ සෙසු මෝටර් රථවලින් වෙනස් වන්නේ ඒවායේ ඇති බැටරිය හේතුවෙන්. මේ බැටරිය සහ රථයට යොදන ඉන්ධන වරින්වර රථයේ ධාවනයට අවශ්‍ය බලශක්තිය ලබා දෙනවා. ඒත් මේ වන විට මේ හයිබ්‍රිඩ් බැටරි සම්බන්ධව විශේෂඥ මතය හයිබ්‍රිඩ් මෝටර් රථ සම්බන්ධව ජනතා අදහස් වෙනස් කිරීමට සමත්ව තිබෙනවා.
මේ අතරින් ඇතැම් හයිබ්‍රිඩ් වර්ගවල බැටරි නිෂ්පාදනය කෙරෙන්නේ දිගු දුර ධාවනය අරමුණු කරගනිමින්. එවැනි වාහනවල නිෂ්පාදන අරමුණ අපේ රටේ භාවිතයේදී ඉටු වන්නේ නැහැ. එමෙන්ම මේ හයිබ්‍රිඩ් බැටරි නිෂ්පාදනය කරනු ලැබූවේ නිෂ්පාදිත රටවල පරිසර තත්ත්වයන්ට අනුකූලව.
එවැනි වාහන අපේ රටේ පරිසර තත්ත්වයන්ට අනුකූල දැයි විමසා බැලීමත් වැදගත් වනවා.
එමෙන්ම මේ වන විට බොහෝ හයිබ්‍රිඩ් රථ දෙවැනි හිමිකරුවන් සතුවී තිබෙනවා. ඒත් හයිබ්‍රිඩ් බැටරියක ආයුකාලය සම්බන්ධව නිෂ්පාදකයන් කිසියම් නිශ්චිත වසර සංඛ්‍යාවක් ලබා දී තිබෙනවා. මේ ආයු කාලය අවසන් වීමෙන් පසු අලුතෙන් බැටරියක් යෙදීමට හෝ අලුත්වැඩියා කිරීමට සිදු වනවා.
මේ දෙකෙන් කුමක් සිදු කළද එය වියදම් අධික බව නම් සඳහන් කළ යුතුයි.
එමෙන්ම තවමත් අපේ රටේ බොහෝ මෝටර් රථ අලුත්වැඩියා කිරීමේ කාර්මික ශිල්පීන් අතර නිසි පරිදි හයිබ්‍රිඩ් බැටරියක් අලුත්වැඩියා කිරීමේ හැකියාව සහිත ශිල්පීන් අවමයි. ඇතැම් හයිබ්‍රිඩ් බැටරි අපේ රටේ මිලදී ගැනීමට නැහැ. ඒවා පිටරටින් ආනයනය කළ යුතු වනවා. අලුත්වැඩියා කරනලද හයිබ්‍රිඩ් බැටරියක වුවද ආයු කාලය වසර කිහිපයක් පමණයි.
මිලෙන් වැඩි හයිබ්‍රිඩ් රථවල නියමිත ප්‍රමිතිය ආරක්ෂා කරගනිමින් බැටරිය චාජ් වීම ඇතුළු කටයුතු සිදු වුවද මිලෙන් අඩු හයිබ්‍රිඩ්වල ඇතැම් විට රථයේ ආරක්ෂාව පවා තහවුරු
වන සේ නිෂ්පාදන කටයුතු සිදු කර නැහැ.
මේ සම්බන්ධව නුවන් මදනායක මහතා මෙසේ තම අදහස් පවසා සිටියා.
වාහන ක්ෂේත්‍රයේ අපේ රට හඳුන්වන්නේ Extreme condition රටක් විදිහට. ඒ කියන්නේ සීමාන්තික පහසුකම් සහිත රටක් විදිහට. වාහනයක් පණ ගැන්වූවාට පස්සේ මුලින්ම working temperature එකට එන්න ටික වේලාවක් යනවා. ඉන්පසු වේගය වැඩි කරගන්න ටික වේලාවක් යනවා. ඉන් පස්සේ තමයි ඒකාකාරී වේග ධාවනයට එන්නේ.
රථයක් නිෂ්පාදනයේදී එය සැලසුම් කරන්නේ මෙන්න මේ ඒකාකාරී වේග ධාවනයේදී උපරිම ඉන්ධන කාර්යක්ෂමතාව ඇති වීමටයි. රථයක් එහි උපරිම ධාවනය ලබා දෙන්නේ මේ අවස්ථාවේදී. ඒත් අපේ රටේදී රථයක් ඒකාකාරී වේග ධාවන අවස්ථාවට එනකොට ට්‍රැෆික්එකට අහුවෙලා. ඒ කියන්නේ රථයක ඉන්ධන කාර්යක්ෂමතාව ඇති වීමට කාලය මදි. රථයේ හැම පද්ධතියක්ම වගේ නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නෑ. මෙවැනි රථ ඉක්මනින් නඩත්තු කළ යුතු වෙනවා. ඔයිල් වුණත් ඉක්මනින් මාරු කළ යුතු වෙනවා. හයිබ්‍රිඩ් වාහනවල ආයුකාලය අඩු වෙනවා. ඉක්මනින් බැටරි මාරු කරන්න සිදු වෙනවා. කිලෝමීටර් 75000-100,000ත් අතර ලංකාවේදී හයිබ්‍රිඩ් රථයක බැට්‍රිය බොහෝ දුරට මාරු කිරීමට සිදු වෙනවා.
පසුගිය කාලේ අපේ රටේ මාසයකට වාහන 200ක් විතර ලියාපදිංචි කෙරුණා. ඒ අතරින් 50ක් හයිබ්‍රිඩ් වාහන කියලා හිතමු. මේ වාහනවල බැටරිය අවුරුදු තුනහමාරක් විතර යනකොට මාරු කරන්න සිදු වෙනවා. ඒ වෙනුවට recondition හෝ brand new බැටරි යෙදීමට සිදු වෙනවා. එතකොට මේ වාහනවලින් ඉවත් කරන බැටරිවලට මොකද වෙන්නේ? වාහන 50කින් බැටරි 50ක් අපේ පරිසරයට නිකුත් කෙරෙනවා. මේ බැටරිවල අයිතිකාරයෝ මුලින්ම මේ බැටරි ගෙදර ගෙනියනවා. විකුණගන්න උත්සාහ දරනවා. බැරිවුණොත් ගෙදර මුල්ලක තියනවා. ටික කාලයක් තියාගෙන ඉඳලා පරිසරයට බැහැර කරනවා. මේ බැටරි ඉන්පස්සේ පස්වලින් වැහෙනවා. ඒත් එක්කම අර අහිතරක රසායනික ද්‍රව්‍ය සියල්ලම පසට එකතු වෙනවා. එතකොට අපේ රටේ කෘෂිකර්මයට මොකද වෙන්නේ?
මේ තත්ත්වය හයිබ්‍රිඩ්වලට විතරක් නෙමෙයි ඉලෙක්ට්‍රික් වාහනවලටත් පොදුයි. මේ වාහනවල ඇති රසායනික අපද්‍රව්‍ය පරිසරයට බැහැර කිරීමේ නිසි ක්‍රමවේදයක් තිබිය යුතුමයි.
මේ වන විට පාරිභෝගික අධිකාරියේ පැමිණිලි රාශියක් තිබෙනවා, ප්‍රමිතියකින් තොර හයිබ්‍රිඩ් බැටරි අලුත්වැඩියාව සම්බන්ධව. මීට පස්සේ හයිබ්‍රිඩ් බැටරි යොදනවා නම් brand new බැටරි විතරක් යොදන්න නීතියක් පණවන්න යනවා. මොකද බැටරිය අලුත්වැඩියා කරන්න ගියාම කොහොම හරි අටවලා ලක්ෂ ගාණක් ගන්නවා. වගකීමක් නැහැ. ටික දවසකින් යළි දෝෂ ඇතිවුණාම ඇවිත් පැමිණිලි කරනවා.
මෙවැනි කාරණා නිසයි කියන්නේ අපේ රටට හයිබ්‍රිඩ්, ඉලෙක්ට්‍රික් රථ ගැළපෙන්නේ නෑ කියලා.
අපේ රටේ 2005 විතර ඉඳන් හයිබ්‍රිඩ් රැල්ලක් ඇති වුණාට ඇත්තටම වගකිවයුතු සමාගම් හයිබ්‍රිඩ් ගෙන්නුවේ නැහැ. මොකද ඔවුන් රථයක් මේ රටට ගෙනාවොත් එයට වගකියන නිසා. මේ කම්පැනි ඔවුන්ගේ මවු නිෂ්පාදන සමාගම් සමඟ එක්ව වගකීමකින් තමයි කටයුතු කරන්නේ. ඒත් පිටරටවල ඔක්ෂන්වලින් කාර් මිලදී ගන්නා කාර් සේල් හිමියන් උත්සාහ කරන්නේ කොහොම හරි තමන් ගෙන්වන ඕනෑම වාහනයක් පාරිභෝගිකයන් මිලදී ගන්නට සලස්වන්නයි. ඒ සඳහා වගකීමක් දරනවා කිව්වට නිසි ප්‍රමිතියක් නැහැ.
අපේ රටේ වාහන ගෙන්වීම් සම්ප්‍රදායන් දෙකක් තියෙනවා. එනම් Recondition වාහන සහ කම්පැනි ගෙන්වන Brand new වාහන. Brand new වාහන ගන්නවා නම් අපේ රටේ සිටින නිෂ්පාදන සමාගමේ ඒජන්තවරයා හරහා ලබා ගත යුතු වනවා. ඔක්ෂන්වලින් මිලදී ගන්නා වාහන හොඳ නැහැ කියනවා නෙවෙයි. ඒත් එවැනි වාහන Brand new වාහන තරම් අපේ රටේ ප්‍රමිතීන්ට ගැළපෙන්නේ නැහැ.
රටකට වාහනයක් ගෙන්වද්දී එමඟින් සිදු වන පරිසර හානිය, වාහනයේ කල් පැවැත්ම, නඩත්තුව සහ කාර්මික දැනුම යනාදී අංශ කෙරෙහි අවධානය යොමු කරමින් තමයි කටයුතු කරන්නේ. වාහනයට යෙදිය යුත්තේ EURO 4 ඉන්ධන නම් එම ඉන්ධන වාහනය භාවිත කරන රටේ තිබිය යුතුයි. නැත්නම් වාහනය නිෂ්පාදනය කිරීමේ මූලික අරමුණුවත් ඉටු වන්නේ නැහැ.
තම මවු සමාගමෙන් වාහන මිලදී ගන්නා ආයතන මෙරටදී රථයේ නිෂ්පාදන වගකීම එලෙසින්ම පාරිභෝගිකයන්ට ලබා දීමට බැඳී සිටිනවා. මෙරටට ගෙන්වන වාහනවල ඉන්ධන ගැන, නඩත්තු ක්‍රමවේදයන් ගැන සැලකිලිමත් වෙලා තමයි ඒ වාහන මෙරටට ගෙන්වන්නේ. Recondition වාහනවල තියෙන්නේ වෙළෙඳ අරමුණු විතරයි. ඒවා බොහොමයක් බදු අඩුවීම පදනම් කරගෙන මෙරටට ගෙන්වන වාහන. මේ වාහන ලංකාවේ පරිසර ප්‍රමිතියට ගැළපෙනවාද යන්න අදාළ කර ගන්නේ නැහැ.
නඩත්තු කිරීමට හැකියාව තිබෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් සැලකිලිමත් වන්නේ නැහැ.
ඕනෑම කෙනෙකුට වාහන ගෙනල්ලා විකුණන්න පුළුවන්. ඒත් වාහනයක් අලෙවි කිරීමේදී ඒ වාහනයට අදාළ නඩත්තුව සහ කාර්මික පහසුකම් තිබෙනවාද යන්න සම්බන්ධයෙන් සැලකිලිමත් වනවා නම් හොඳයි.
මොකද වාහනයක් අලෙවියේදී ලබා දෙන වගකීම් කාලය අවසන් වූ පසු එහි නඩත්තුවට විඳින දුක දන්නේ පාරිභෝගිකයා විතරයි.
මම කියන්නේ හයිබ්‍රිඩ් වාහන භාවිතය නිසා අපේ රටේ ජනතාවට අනාගතයේදී මුහුණ දීමට සිදු වන, ඉදිරියේදී වෙන්න තියෙන දෙයක් ගැනයි. මේ කරුණු ගැන සැලකිලිමත් නොවීමෙන් අමාරුවේ වැටෙන්නේ පාරිභෝගිකයාමයි
විකිපීඩියා 
සිළුමිණ






news hunting

About news hunting -

Author Description here.. Nulla sagittis convallis. Curabitur consequat. Quisque metus enim, venenatis fermentum, mollis in, porta et, nibh. Duis vulputate elit in elit. Mauris dictum libero id justo.

Subscribe to this Blog via Email :